අප ගැන

ප්‍රඥා TV යනු ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ජනතාව වෙත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය සමීප කරවීම අරමුණු කරගත් බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ජාලයකි.

ආරම්භයේ සිටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ දේශනාවන්ටත්, මහරහතන් වහන්සේලා ඇතුළු ආර්ය ශ්‍රාවකයන්ගේ ධර්ම දේශනාවන්ටත් ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් ප්‍රඥා TV සිය මාධ්‍ය මෙහෙවර ඉටු කරයි.

ප්‍රඥා TV හි අරමුණ හුදෙක් ධර්ම වැඩසටහන් විකාශය කිරීම පමණක් නොවේ. ධර්මය ශ්‍රවණය කිරීමටත්, එය සිත්හි ධාරණය කර ගැනීමටත්, ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමටත් අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. විවිධ අවස්ථාවන්හිදී විවිධ බලපෑම් හේතුවෙන් නාලිකාවේ මූලික අරමුණු අභියෝගයට ලක් වූ අවස්ථා පැවතියද, 2024 වර්ෂයේ සිට ප්‍රඥා TV යළිත් නෛර්යානික ශ්‍රී සද්ධර්මය පෙරදැරි කරගත් ගමනකට අවතීර්ණ වී ඇත.

එතැන් සිට අද දක්වා ප්‍රඥා TV නව දැක්මක් සහ නව කැපවීමක් සමඟ සිය ගමන ඉදිරියට ගෙන යමින් සිටී. ළමා, තරුණ, වැඩිහිටි ඇතුළු සෑම වයස් කාණ්ඩයකම සැදැහැවතුන් සඳහා ධර්මය, බෞද්ධ අධ්‍යාපනය, සදාචාරාත්මක වටිනාකම් සහ යහපත් සමාජ ජීවිතයක් ගොඩනැගීමට උපකාරී වන වැඩසටහන් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.

CIB සමූහය

Image

ප්‍රඥා TV හි වර්තමාන ධර්ම මෙහෙවර ශක්තිමත් කරමින් නාලිකාවේ සංවර්ධනය සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සඳහා ගරු සභාපති දේශමාන්‍ය K. R. G. විජේසුන්දර මැතිතුමා ප්‍රමුඛ CIB සමූහය ලබාදෙන සහයෝගය අපි ඉතා අගය කරමු.

මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නයටත්, CIB සමූහයටත්, ප්‍රඥා TV කාර්ය මණ්ඩලයටත් සහ සියලුම දායකයන්ටත් අපගේ හෘදයාංගම පුණ්‍යානුමෝදනාව පිරිනමමු.

ප්‍රඥා TV – ජාතියේ මහා සදහම් මන්දිරය.

අපගේ දැක්ම

භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් පිරිස සමඟ, බාල ළමා තරුණ වැඩිහිටි සියළු සැදැහැවතුන්ගෙන් සපිරි බෝසත් ජන සමාජයක් නිර්මාණය කර, මෙසිරිලක අග්‍රගන්‍ය බෞද්ධාගමික රූපවාහිනී නාලිකාව බවට පත්වීම අපේ දැක්මයි.

අපගේ මෙහෙවර

“සබ්බදානං ධම්මදානං ජිනාති” යන උතුම් බුදු වදන පෙරටුකොට ගනිමින්, සෘජු වාණිජ ලාභ අපේක්ෂාවකින් තොරව, සකල ලක්වැසි සහ ලෝවැසි ධර්මශ්‍රවණාභිලාෂී සැදැහැවතුන් වෙත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වීමත්, එය සිත්හි ධාරණය කර ගැනීමට මග පෑදීමත්, ඒ අනුව චර්යාවේ යෙදීමට සුදුසු සමාජ වටපිටාවක් ගොඩනැගීමත් ප්‍රඥා රූපවාහිනියේ මෙහෙවරයි.

අපගේ කැපවීම

  • නිර්මල හා නිවැරදි බුද්ධ දේශනාවන්ට ප්‍රමුඛස්ථානය ලබා දීම.
  • ධර්මය ශ්‍රවණය කිරීමට සහ ධර්මය පිළිබඳ සිතා බැලීමට අවස්ථාව සලසා දීම.
  • බෞද්ධ සාරධර්ම හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ප්‍රචාරය කිරීම.
  • දරුවන් හා තරුණ පරපුර වෙනුවෙන් ගුණාත්මක බෞද්ධ අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කිරීම.
  • කරුණාව, මෛත්‍රිය, සදාචාරය, ප්‍රඥාව සහ සමාජ වගකීම වර්ධනය කිරීමට දායක වීම.
  • ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින සැදැහැවතුන් ධර්මය තුළින් සම්බන්ධ කිරීම.
  • වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් යහපත් මාධ්‍ය පරිසරයක් ගොඩනැගීම.

අපගේ කෘතඥතාව

ශ්‍රී සද්ධර්මය පැතිරවීමේ මෙම උතුම් මෙහෙවර තව තවත් ශක්තිමත් වේවා!

සියලු සත්වයන්ගේ යහපත හා සුවය පිණිස මෙම ධර්ම මෙහෙවර හේතුවක් වේවා!

Flex

භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස සමඟ, බාල ළමා තරුණ වැඩිහිටි සියළු සැදැහැවතුන්ගෙන් සපිරි බෝසත් ජන සමාජයක් නිර්මාණය කර මෙසිරිලක අග්‍රගන්‍ය බෞද්ධාගමික රූපවාහිනී නාලිකාව බවට පත්වීම අපේ දැක්මයි.

Locations

Homagama

No:20/3, Godaparagahalanda Mawatha, Katuwana Road, Homagama.

Rajagiriya

No:20/3, Godaparagahalanda Mawatha, Katuwana Road, Homagama.

Locations

Anuradhapura

No:20/3, Godaparagahalanda Mawatha, Katuwana Road, Homagama.

CIB Holdings

No. 183/2, Dutugemunu Street, Kohuwala.

Contact No

Phone :
(+94) 112 693 131

Mobile :
(+94) 77 549 3434

eMail ;
info@pragnatv.com

Please publish modules in offcanvas position.