දායකත්ව ධර්ම දේශනා
”සබ්බ දානං ධම්ම දානං ජිනාති”

සියලු දාන අතරින් අග්‍රතම දානය වූ ධර්ම දානය උදෙසා ඔබටත් දායකත්වය ලබා ගත හැකිය. ප්‍රඥා රූපවාහිනියෙන් විකාශය වන සියලු ධර්ම දේශනා පිළිබඳ ‌තොරතුරු දැනගැනීමට පහතින් පිවිසෙන්න..

පිවිසෙන්න

අපගේ දැක්ම

භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් පිරිස සමඟ, බාල ළමා තරුණ වැඩිහිටි සියළු සැදැහැවතුන්ගෙන් සපිරි බෝසත් ජන සමාජයක් නිර්මාණය කර, මෙසිරිලක අග්‍රගන්‍ය බෞද්ධාගමික රූපවාහිනී නාලිකාව බවට පත්වීම අපේ දැක්මයි.

අපගේ මෙහෙවර

සබ්බදානං ධම්මදානං ජිනාති” යන උතුම් බුදු වදන පෙරටුකොට ගනිමින්, සෘජු වාණිජ ලාභ අපේක්ෂාවකින් තොරව, සකල ලක්වැසි සහ ලෝවැසි ධර්මශ්‍රවණාභිලාෂී සැදැහැවතුන් වෙත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වීමත්, එය සිත්හි ධාරණය කර ගැනීමට මග පෑදීමත්, ඒ අනුව චර්යාවේ යෙදීමට සුදුසු සමාජ වටපිටාවක් ගොඩනැගීමත් ප්‍රඥා රූපවාහිනියේ මෙහෙවරයි.

අප හා සම්බන්ධ වන්න

ප්‍රඥා TV පිළිබඳ ඔබගේ අදහස්, යෝජනා, වැඩසටහන් පිළිබඳ විමසීම්, පරිත්‍යාග සහ සහයෝගය පිළිබඳ තොරතුරු සඳහා අප හා සම්බන්ධ වන්න.

ඔබ සැදැහැවත් ප්‍රේක්ෂකයෙකු වුවද, ධර්ම දේශක ස්වාමීන් වහන්සේ නමක් වුවද, බෞද්ධ සංවිධානයක්, වැඩසටහන් දායකයෙකු හෝ ප්‍රඥා TV හි ධර්ම මෙහෙවරට සහයෝගය දැක්වීමට කැමති අයෙකු වුවද, ඔබගේ අදහස් සහ විමසීම් අපට ඉතා වැදගත් වේ.

අපගේ වැඩසටහන්

ප්‍රඥා TV මගින් ධර්මය, බෞද්ධ අධ්‍යාපනය, ආධ්‍යාත්මික සංවර්ධනය, සංස්කෘතිය සහ යහපත් ජීවන රටාව කේන්ද්‍ර කරගත් විවිධ වැඩසටහන් විකාශය කරනු ලබයි.

සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන අයුරින් වැඩසටහන් ඉදිරිපත් කරන අතර, බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ජනතාව වෙත සමීප කරවීම අපගේ මූලික අරමුණයි.

ධර්ම දේශනා

ගෞරවනීය මහා සංඝරත්නය විසින් සිදුකරනු ලබන ධර්ම දේශනා තුළින් බුද්ධ දේශනාවේ ගැඹුරු අර්ථය අවබෝධ කර ගැනීමටත්, ධර්මය පිළිබඳ සිතා බැලීමටත් සැදැහැවතුන්ට අවස්ථාව සලසා දෙයි.

බණ සහ ධර්ම සාකච්ඡා

බුද්ධ දේශනාව, බෞද්ධ දර්ශනය, ධර්මානුකූල ජීවිතය සහ වර්තමාන සමාජය තුළ ධර්මයේ වැදගත්කම පිළිබඳ ගැඹුරු සාකච්ඡා.

පිරිත් හා ආගමික වැඩසටහන්

පිරිත් සජ්ඣායනා, ආගමික වතාවත් සහ විවිධ බෞද්ධ ආගමික අවස්ථාවන්ට අදාළ වැඩසටහන්.

විශේෂ බෞද්ධ වැඩසටහන්

විශේෂ බෞද්ධ උත්සව, ආගමික වැඩසටහන්, ධර්ම දේශනා, පුණ්‍යෝත්සව සහ අනෙකුත් වැදගත් බෞද්ධ අවස්ථාවන්හි සජීවී සහ පටිගත කළ විකාශන.

ඉදිරියේදී ප්‍රඥා TV වැඩසටහන්

0
රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලොව පුරා සිටින සැදැහැවතුන් වෙත ධර්මය සමීප කරවීම සඳහා ප්‍රඥා TV අඛණ්ඩව කටයුතු කරයි.

දරුවන් තුළ යහපත් ගුණධර්ම, කරුණාව, මෛත්‍රිය, විනය සහ සදාචාරය වර්ධනය කිරීම අරමුණු කරගත් ගුණාත්මක වැඩසටහන්.

වර්තමාන තරුණ පරපුර මුහුණ දෙන අභියෝග පිළිබඳ අවධානය යොමු කරමින්, ධනාත්මක චින්තනය, සදාචාරාත්මක ජීවිතය සහ සමාජ වගකීම වර්ධනය කිරීමට දායක වන වැඩසටහන්.

“සබ්බදානං ධම්මදානං ජිනාති”
සියලු දානයන් අතර ධර්ම දානය උතුම්ය.

ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සැදැහැවතුන් වෙත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය සමීප කරවීම ප්‍රඥා TV හි ප්‍රධාන අරමුණයි.

මෙම උතුම් ධර්ම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඔබගේ සහයෝගය අපට මහත් ශක්තියකි.

අපගේ කෘතඥතාව

ශ්‍රී සද්ධර්මය පැතිරවීමේ මෙම උතුම් මෙහෙවර තව තවත් ශක්තිමත් වේවා!

සියලු සත්වයන්ගේ යහපත හා සුවය පිණිස මෙම ධර්ම මෙහෙවර හේතුවක් වේවා!

Flex

භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස සමඟ, බාල ළමා තරුණ වැඩිහිටි සියළු සැදැහැවතුන්ගෙන් සපිරි බෝසත් ජන සමාජයක් නිර්මාණය කර මෙසිරිලක අග්‍රගන්‍ය බෞද්ධාගමික රූපවාහිනී නාලිකාව බවට පත්වීම අපේ දැක්මයි.

Locations

Homagama

No:20/3, Godaparagahalanda Mawatha, Katuwana Road, Homagama.

Rajagiriya

No:20/3, Godaparagahalanda Mawatha, Katuwana Road, Homagama.

Locations

Anuradhapura

No:20/3, Godaparagahalanda Mawatha, Katuwana Road, Homagama.

CIB Holdings

No. 183/2, Dutugemunu Street, Kohuwala.

Contact No

Phone :
(+94) 112 693 131

Mobile :
(+94) 77 549 3434

eMail ;
info@pragnatv.com

Please publish modules in offcanvas position.